Author: Anju
•12:07 PM
ලෝපුරා සුවහසක් රසිකයින් මන්මත් කල අසිරිමත් ගාන්ධර්වයෙකු වන A.R.Rahman ගේ අලුත්ම ගීත ඇල්බමය " Connections " පසුගියදා නිකුත් වුණා.

අරුත්සුන් පදරචනයන් බහුල, ඝෝෂාකාරී ගීත අසන්නන් හට බලෙන් අස්සවන, මෙවන් යුගයක මේ ගීත එකතුව විශ්වභාෂාවක් වන සංගීතයේ සොඳුරු කඩඉමක් විදියට හඳුන්වන්න පුළුවණි.

ඇල්බමයේ අඩංගු ගීත 9න් 6ක්ම පදරචන රහිත ,සංගීත භාණ්ඩ වල හඬවල් පමණක් මුසු වූ instrumental pieces වීම සුවිශේෂයි.වාක්‍යාර්ථයට පමණක් සීමා නොවී ශබ්ධාර්ථය ඔස්සේ ගැඹුරු වින්දනයක් ඉන් ලබා දෙනවා.

Sukwinder Sing, Sivmani, Blaaze යන ප්‍රවීනයන්ගේ ගීත ගායන දායකත්වයත් Raqueeb Aalam භා Gulzar ගේ පදරචනාත් මෙයට ඇතුලත්. රාජස්ථාන්,හින්දුස්ථානී,දමිළ මෙන්ම ප්ංජාබ් ජන ගී තාලවල සංකලනයක් ලෙස හැඳින්වියහැකි මේ නවතම ගිත සමුච්ඡය සැබවින්ම අනර්ඝ නිර්මාණ එකතුවක්.

සම්පූර්ණ ඇල්බමය මෙතැනින් ගන්න.

ගීත එකතුව

01 - jiya se jiya


02 - mann chandre




03 - kural


04 - Silent Invocation A


05 - Silent Invocation B


06 - Silent Invocation C




07 - Mylapore Blues




08 - Himalaya


09 - Mosquito










Author: Anju
•9:10 AM
තරු දිලෙන්නේ අහස
නිකම් නම් නොවේමය
තරු කෙරෙහි ලොබ කරන
තරු කිරණ නිති පතන
තරුව මිණකියි කියන
කෙනෙක් ඇති නිසාමය..

එසේනම් අසනු මන
තරු දිලෙන්නේ අහස
කවුරු හෝ කෙනෙකුටය
ගෙයි පිය්ස්සට උඩින්
එකම තරුවක් උනත්
කමක් නෑ පායන්න
කියා හඬගා කියන
කෙනෙක් ඇති නිසාමය...

-මායාකව්ස්කි-

ලිලැක් මල්මිටක් පද්‍ය සංග්‍රහය
ආරියවංශ රණවීර